The fireworks were prepared in Tokyo for the opening ceremony of this year's Olympic Games because COVID-19 could not open the Olympic Games, but the fireworks and firecrackers could not be stored until 2021, so the fireworks of the Olympic Games were displayed at this time. Please enjoy the Olympic fireworks set off under the beautiful Mount Fuji.
RUSINI SIYARA
Sunday, August 16, 2020
ONLINE FREE COURSES WITH CERTIFICATES
දැන් කාලේ ඉන්ටර්නෙට් යන එක මීට දශකයකට එකහමාරකට එහා කාලෙත් එක්ක බැලුවහම සෑහෙන්න ලාබ, සරල දෙයක්. දැන් කාලේ කම්පියුටර් විතරක් නෙවෙයි, ස්මාට්ෆෝන් එකක් තියෙන කෙනෙක්ට වුනත් බොහොම ලේසියෙන් ඉන්ටර්නෙට් යන්න පුළුවන්. හැබැයි අපි ඉන්ටර්නෙට් එකෙන් අවශ්‍ය හරිම ප්‍රයෝජන ගන්නවද කියන එක නම් ගැටළුවක්. උදාහරණයක් විදියට කිවුවොත් අපිට වෘත්තිය මට්ටමේ පාඨමාලාවක් වුනත් කරන්න පුළුවන් තැන් ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඒවා අපිට ලබාදෙන්නේත් සම්පූර්ණයෙන්ම නොමිලේ. අවශ්‍ය නම් පාඨමාලාව සාර්ථකව නිමා කරලා, යම් මුදලක් ගෙවලා ඒ වෙනුවෙන් පිළිගැනීමක් තියෙන සහතිකයක් වුනත් ලබාගන්න පුළුවන්. හරි, අපි ලබාදෙන්නම් ඒ වගේ පාඨමාලා හදාරන්න, වටිනා කියන යම් දෙයක් ඉගෙනගන්න ඉන්ටර්නෙට් එකේ තියෙන තැන් කීපයක් ගැන තොරතුරු. තමන්ගේ වෙලාවෙන් දවසකට හෝ සතියකට සැරයක් පොඩි වෙලාවක් වෙන් කරගෙන, තමන් කැමති දෙයක් ගැන සාර්ථකව ඉගෙන ගන්න එක තමන්ගේ වැඩක්.
1. Coursera (https://www.coursera.org)
පහුගිය අවුරුද්දේ මැදක් වෙනකොට පරිශීලකයෝ මිලියන 33 ක් හිටපු මේ වෙබ් අඩවිය ආරම්භ වෙලා දැන් අවුරුදු 7 ක් විතර වෙනවා. මේ වෙබ් අඩවියේ මුදල් ගෙවලා ඉගෙන ගන්න ඕන පාඨමාලාවන් වගේම සම්පූර්ණයෙන්ම නොමිලේ කරන්න පුළුවන් පාඨමාලාවනුත් තියෙනවා. මුදල් ගෙවලා කරන්න ඕන පාඨමාලාවන් වුනත් දවස් හතක ෆ්‍රී ට්‍රයල් පීරියඩ් එකක් ඇතුළේ ට්‍රයි කරලා බලන්න පුළුවන්. එතකොට ඒක වටිනවා කියලා හිතුණොත් මාසෙකට ඩොලර් ප්‍රමාණයක් ගෙවලා දිගටම කරන්න පුළුවන්. මේකේ Art & Humanities, Business, Data science, Computer science, Social sciences, Information technology, Personal development වගේ සෑහෙන්න පැතිරුණු විෂයයන් පරාසයක පාඨමාලාවන් තියෙනවා.
2. Alison (https://alison.com)
ඇලිසන් කියන්නේත් ඔන්ලයින් ඉගෙනගන්න තියෙන ප්ලැට්ෆෝම් එකක්. මේකේ ඉගෙන ගන්න ආපු ලියාපදිංචි හාදයෝ ප්‍රමාණය මිලියන 11ක්. ඒ වගේම මිලියන 1.5 ක් මේකෙන් සාර්ථකව පාඨමාලා නිම කරලා සහතික ලබාගෙන තියෙනවා. ඒ වගේම නොමිලේ හදාරන්න පුළුවන් පාඨමාලා 1000ක් පමණ ඇලිසන් එකේ තියෙනවා. එහෙම පාඨමාලාවක් සාර්ථකව නිමා කළාට පස්සේ ඕන නම් සල්ලි ගෙවලා සෙටිෆිකට් එක ලබාගන්න පුළුවන්. මේකේ තියෙනවා IT, Languages, Health, Science, Humanities, Business, Math, Marketing, Lifestyle වගේ ප්‍රධාන ක්ෂේත්රයන් යටතේ උප ක්ෂේත්රයන් ගණනාවක්. හැබැයි ගොඩක් අය ඇලිසන් එකෙන් ලබාගන්නේ ඔය ටීම් වර්ක්, ගැටළු විසඳීම් වගේ වෘත්තිය අවකාශයට අදාළ කුසලතා පාඨමාලා තමයි.
3. edX(https://www.edx.org)
edX කියන්නෙත් අතිශයින්ම ජනප්‍රිය, බොහෝ කොට නොමිලේ පාඨමාලාවන් ලබාදෙන ඔන්ලයින් පාඨමාලා පවත්වන පර්යන්තයක්. විශේෂයෙන්ම උපාධි මට්ටමේ සමහර පාඨමාලා පවා මේ අය නොමිලේ ලබාදෙනවා. මෙතනදී නොමිලේ ලබාගන්නා පාඨමාලාවන් වලදී අවසානයට විභාග හෝ පරීක්ෂණ වලට මුහුණ දෙන්නට ලැබෙන්නේ වත්, සහතිකයක් ලබාගන්නට හැකිවෙන්නේ වත් නැහැ. හැබැයි සම්පූර්ණ පාඨමාලාවම අඩුවක් නැතුව ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම තමයි අනෙක් ගොඩක් ඔන්ලයින් අධ්‍යාපනය ලබාදෙන තැන් වලට වඩා edX එකේ ඉතාම පුළුල් පරාසයක මාතෘකා සහ විෂය පථයයන් දකින්න ලැබෙනවා.
4. FutureLearn(https://www.futurelearn.com)
මේ, ඔන්ලයින් ඉගෙන ගන්න තියෙන තවත් ඩිජිටල් අධ්‍යාපන පර්යන්තයක්. මේ අයත් උඩින් කියපු වෙබ් පර්යන්ත වල වගේම ලෝකේ පුරා විවිධ විශ්වවිද්‍යාල එක්ක එකතු වෙලා තමයි මේ අයගේ පාඨමාලා නිර්මාණය කරලා තියෙන්නෙත්. හැබැයි මේ Futurelearn කට්ටිය ඉදිරිපත් කරන සබ්ජෙක්ට්ස් අතරේ නම් ටිකක් වෙනස් ඒවත් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් Business & management, Creative Art & media, Languages & Cultures, Law, Literature, History, Tech & Coding අතරේ Study Skills, Teaching වගේ ඒවත් තියෙනවා. ඒ වගේම මේ අය ගාව කාර්යබහුල කෙනෙක්ට ගැලපෙන ඉතාම කෙටි පාඨමාලා එහෙමත් තියෙනවා.
5. Open Culture (http://www.openculture.com)
මේ වෙබ් අඩවියෙන් ලබාදෙන අන්තර්ගතයන් ඔබ දන්න කියන පාඨමාලා විදියටම ගණන් ගන්න අමාරුයි. හැබැයි මේ අය ඉතාම ඉහළ ගුණාත්මක මට්ටමක සංස්කෘතික සහ අධ්‍යාපනික මාධ්‍ය ලෝකේ පුරා ඉන්න පරිශීලකයෝ එක්ක බෙදාහදා ගන්නවා. මේ වෙබ් අඩවියෙන් ඔන්ලයින් පාඨමාලා විතරක් නෙවෙයි, ඊබුක්ස්, භාෂා ඉගෙන ගැනීම්, චිත්‍රපට, පොත් පත් වගේ තවත් සෑහෙන්න දේවල් බෙදාහදා ගන්නවා. හැබැයි ඉතින් එක පාරටම මේ වෙබ් අඩවියේ සැරිසරන එක නම් පොඩ්ඩක් ව්‍යාකූල අත්දැකීමක් වෙන්න පුළුවන්.
6. Khan Academy (https://www.khanacademy.org)
හැම දෙනෙක්ටම ලෝක මට්ටමේ අධ්‍යාපනයක්, විශේෂයෙන්ම ගණිතය, විද්‍යා සහ ඉංජිනේරු විෂයයන්ගෙන් ලෝක මට්ටමේ අධ්‍යාපනයක් නොමිලේ ලබාදීම ඉලක්ක කරගෙන දියත් වුණු ඉගෙනුම් පර්යන්තයක් වෙන ඛාන් ඇකඩමිය ඇත්තටම ඔන්ලයින් පාඨමාලා සම්බන්ධයෙන් සෑහෙන්න ජනප්‍රියයි. මේ වෙනකොට ඛාන් ඇකඩමියේ කලාව සහ මානව විද්‍යාවන්, ආර්ථීක විද්‍යාව වගේ විෂයයන් එහෙමත් උගන්නන්න පටන් අරගෙන තියෙනවා. එතකොට විද්‍යා විෂයයන් ගත්තොත් එහෙම භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, කාබනික රසායනය, ජීව විද්‍යාව, සෞඛ්‍ය සහ ඖෂධවේදය, විදුලි කාර්මික ඉංජිනේරුකරණය, අජටාකාශ සහ තාරකා විද්‍යාව වගේ සෑහෙන පරාසයක පාඨමාලා මේකේ ඉගැන්වෙනවා. ඛාන් ඇකඩමියේ මූලිකම අවධානය වෙන ගණිත පාඨමාලා ගත්තොත් මූලික ගණිතය පාඨමාලා. වීජ ගණිතය, ජ්‍යාමිතිය, සංඛ්‍යානය සහ සම්භාවිතාවය, කලනය, අංක ගණිතය, ත්‍රිකෝණමිතිය, විවිධ සමීකරණ විසඳීම වගේ ගණීතයේ එන විවිධ කොටස් වල ගැඹුරට ගිය පාඨමාලා වගේම විවිධ මට්ටම් වලට වෙන් කෙරුණු පොදු ගණිත පාඨමාලාත් දකින්න පුළුවන්.
7. MIT OpenCourseWare (https://ocw.mit.edu)
MIT කියන්නේ මොකද්ද කියලා ඔය හොලිවුඩ් ෆිල්ම් එහෙම බලන ඇත්තෝ අනිවාර්යයෙන්ම අහලා තියෙන්න ඕන. ඇත්තටම MIT කියන්නේ කියන Massachusetts Institute of Technology එක. මේකේ ස්ටෑන්ඩර්ඩ්ස් ලෝකේ පුරාම පිළිගන්නවා. එතකොට මේ MIT OpenCourseWare කියන්නේ MIT එකේ උගන්නන දේශණ, දේශණ සටහන්, ගෙදර වැඩ එසයින්මන්ට්ස්, සාම්පල් ටෙස්ට් වගේ සෑහෙන්න වටිනා දේවල් ප්‍රමාණයක් ලබාදෙන තැනක්. ගොඩක්ම විද්‍යා, පරිගණක විද්‍යාව සහ ඉංජිනේරු විද්‍යාවන් සම්බන්ධ විෂයයන් තමයි හැබැයි මෙතන තියෙන්නේ.
(COPIED FROM FB)
Saturday, August 15, 2020
WELCOME TO MY BLOG
OLYMPIC FIREWORKS
The fireworks were prepared in Tokyo for the opening ceremony of this year's Olympic Games because COVID-19 could not open the Olympic G...
-
දැන් කාලේ ඉන්ටර්නෙට් යන එක මීට දශකයකට එකහමාරකට එහා කාලෙත් එක්ක බැලුවහම සෑහෙන්න ලාබ, සරල දෙයක්. දැන් කාලේ කම්පියුටර් විතරක් නෙවෙයි, ස්මාට්ෆෝන...
-
The fireworks were prepared in Tokyo for the opening ceremony of this year's Olympic Games because COVID-19 could not open the Olympic G...